Nippon Solar

Nippon Solar is a customer focused company solely dedicated to providing ideal solutions for enhancing energy efficiency, increasing the use of solar energy and empowering of small and medium scale businesses through innovative technologies and established in 2015.

+94 0777 904 901
info@nipponsolar.lk

සූර්ය බල සංග්‍රාමය

ශුද්ධ මණුකරන ක්‍රමය.
ශුද්ධ ගිණුම්කරන ක්‍රමය.
කුඩා සුර්ය බලශක්ති නිෂ්පාදක.

සූර්ය බල සංග්‍රාමය

ශුද්ධ මණුකරන ක්‍රමය.
ශුද්ධ ගිණුම්කරන ක්‍රමය.
කුඩා සුර්ය බලශක්ති නිෂ්පාදක.

සූර්ය බල සංග්‍රාමයේ අරමුණ

වසර 2050 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පුර්ණ විදුලිය ප්‍රමාණය දේශීය පුනර්ජනනීය මුලාශ්‍ර වලින් ලබාගැනීම රජයේ අපේක්ෂාවයි.

මේ සඳහා මූලික පියවරක් ලෙස විදුලි පාරිභෝගිකයන් ද විදුලි නිෂ්පාදකයන් වශයෙන් විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් තම නිවෙස්වල වහල මත ඉදිකෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ‘සූර්ය බල සංග්‍රාමය’ නමින් ක්‍රියාවලියට නංවයි.

 

 

මේ යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ෂිත අතර, නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා රජය විසින් ගෙවීම් කිරීමටද නියමිතය.

ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුටම, මෙම ව්‍යාපෘතිය යටතේ තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. 2020 වසර වන විට 200 MW ක් හා 2025 වසර වන විට 1000 MW ක් ධාරිතාවයෙන් යුතු සූර්ය බල විදුලිය නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සුර්ය බල ක්‍රම

ශුද්ධ මණුකරන ක්‍රමය

වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් පාරිභෝගිකයා විසින් විදුලි බල මණ්ඩලයට මුදල් ගෙවීම

ශුද්ධ ගිණුම්කරන ක්‍රමය

වහල මත සවි කරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩිනම් අතිරික්ත ඒකක ප්‍රමාණය සඳහා විදුලි බල මණ්ඩලය මගින් නිවාස හිමියාට මුදල් ගෙවීම කරයි.

කුඩා සුර්ය බලශක්ති නිෂ්පාදක

වහල මත සවි කරන සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරන සම්පුර්ණ විදුලි ඒකක ගණන විදුලි බල මණ්ඩලය විසින් පහත වගුවේ සඳහන් මිලගණන් පරිදි නිවාස හිමියාගෙන් මිලදී ගෙන ගෙවීම් සිදුකරනු ලබයි.

වැදගත් කරුණු

ඉදිරි වර්ෂ 10 තුළ ජාතික වැඩසටහනක් ලෙස වහලමත  සුර්ය පද්ධති 1,000,000 ක් හඳුන්වා දෙමින්  මෙම වැඩසටහනේ අරමුණ වනුයේ විදුලිය නිපදවන්නන් අවම වශයෙන් 20% ක් පමණ විදුලිය පරිත්යාග කිරීමට සැලසීමයි.

වහල මත සුර්ය පද්ධති

1000000

විමෝචනය අඩු කිරීම(CO2)

150 000

2025 වන විට ග්රිඩ් වෙත

1000 MW

මාසික ආදායම

රු .2700

ඔබත් දිනන - රටත් දිනවන සූර්යබල සංග්‍රාමය.

ඔබට ලැබෙන ප්‍රතිලාභ

  • වසර 7 දක්වා නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මකවන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පැනල මිලදී ගැනීම සඳහා ලැබෙන ණය සහන.

  • ඔබ තෝරාගන්නා ක්‍රමය අනුව විදුලි බිල සඳහා වැය වන මුදල සම්පුර්ණයෙන් උපයා ගත හැකි වීම.

  • සූර්ය පැනල මිලදී ගැනීමට ඔබ ණය මුදලක් ලබාගත්තේ නම් ඔබ ලබන අදායමෙන් සූර්ය පැනල මිල දී ගැනීමට ගිය ණය මුදල සහ පොලිය ගෙවීමට හැකි වීම.

  • ඔබ අතිරික්තව නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා මුල් වසර 07ක කාලය තුළ ඒකකයකට රු.22.00/= ක් 08 වන වසරේ සිට රු.15.50/= ක ආදායමක් ලැබීම.

රටට ලැබෙන ප්‍රතිලාභ

  • සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් බැවින්, බලශක්තිය සඳහා (ඉන්ධන සහ ගල් අඟුරු) දැනට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගත හැක.
  • පරිසර හානිය අවම කරගත හැකිවීම සහ තාප බලාගාරවලින් විදුලි ජනනය හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාර්බන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය වසරකට මෙ.ටො. 150,000ක් පමණ අඩු කර ගත හැකි වේ.
  • 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙ.වො. 1000ක් එක්කර ගත හැකි වීම. මෙම ක්ෂේත්‍රයේ ඇතිවන පිබිදීම තුළ සෘජුව හා වක්‍රව නව රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වීම.
  • විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීමට පහසු වේ.
  • රට පුරා විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර පද්ධතියක් තිබෙන බැවින් එය ජාතික විදුලි සුරක්ෂිතතාවයටද ධනාත්මකව බලපානු ඇත.
  • පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් විදුලි නිෂ්පාදිකයින් වන බැවින් විදුලි ජනනයෙන් ලැබෙන ආදායම තුළ රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩු වනු ඇත.
  • දැනට මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනය සඳහා සමස්ත ජනතාවට සම්බන්ධ වීමට හැකිවීම.
  • විදුලි බලය සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ හානිය අවම වේ.
  • විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීමට පහසු වේ.
Live Chat
1
Close chat
Hello! Thanks for visiting us. Please press Start button to chat with our support :)

Like Us